April 28, 2024

එක රටක් එක නීතියක් කොමිසමෙන් දෙන්නෙක් ඉල්ලා අස්වෙයි

November 24, 2021

මතභේදාත්මක එක රටක් එක නීතියක් නිර්මාණය කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.

ඉන් එක් අයෙක් සිංහල වන අතර අනිත් සාමාජිකයා මුස්ලිම් සාමාජිකයෙක්.

ඉල්ලා අස් වූ සාමාජිකයින්

මහාචාර්ය දයානන්ද බණ්ඩාර හා කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන යන මහත්වරුන් එසේ ඉල්ලා අස් වූ සාමාජිකයින් වනවා.

එම දෙපළගේ අනුදැනුමකින් තොරව එම පත්වීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනපතිවරයා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ මෙම කොමිසම සමාජයේ දැඩි අවධානයකට මෙන්ම විවේචනයටත් ලක් වුණා.

ඒ හැරුණු කොට අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතාද එම කොමිසමට සිය විරෝධය දැක්වූවා.

සංයුතියේ වෙනසක්

මේ වන විට එම කොමිසමේ සංයුතියද වෙනස් වී ඇති අතර දෙමළ නියෝජනයන්ද ඊට එක් කොට තිබෙනවා.

ඒ අනුව චක්‍රවර්ති කරුණාකරන් , යෝගේෂ්වරි පත්ගුණරාජා හා අයියාම්පිල්ලෙයි දයානන්දරාජා යන මහත්ම මහත්මීන් එම කොමිසමට ගැසට් නිවේදනයක් මඟින ඇතුළත් කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 24 November 2021 10:51

Related items