May 09, 2024

ජීවන වියදම දරා ගන්න බැහැ - ජනතාව පාරට බැසීම අරඹයි (PHOTOS)

වැඩි කල ඉන්ධන මිලට සහ ජීවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඊයේ (13) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව මංසන්ධියේදි ඩිසල් බූලි අතතිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස උදඝෝෂණයේ නිරත වී තිබෙනවා.

උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරිම හමුවේ දෛනික ආදායමක් සොයාගෙන ජීවත් වු ජනතාව ජිවන බර ඉහල යාම නිසා දැඩි පීඩාවට පත් වී සිටින බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අමතමින් සඳහන් කළේ "මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ. ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා." යනුවෙනුයි.

Rate this item
(0 votes)