තම දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීමට ඉඩක් ලබා නොදෙන්නේ නම් ඕනෑම අවස්ථාවක තනතුරක් අතහැරීමට සූදානම් බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසනවා.
නායකයන් මේ සඳහා තීන්දුවක් නොගන්නේ නම් තනතුරු භාර දී නිවසට වී සිටින බවද ඊළඟ මැතිවරණය කුමක් වන්නේදැයි බලාගමු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.
තමන් මේ බව දන්වමින් නායකයන්ට ලියුම් දෙකක් ලියූ බවත් තවමත් ඒකට ප්‍රතිචාර නැති බවත් ඒ මහතා පැවසුවා.
රජය නායකයින් මේ බව තේරුම් ගත යුතු බවත් තමා ජනතාවගෙන් සමාව ගැනීමට සූදානම් බවත් ප්‍රියංකර ජයරත්න ඇමැතිවරයා සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.