April 30, 2024

කැරලිකාර ඇමති කැබිනට් රැස්වීමෙන් දෙපාරක්ම පැනලා

September 03, 2021

රට වසන ලෙස මතභේදාත්මක ලිපියකට අත්සන් තැබූ කැබිනට් මණ්ඩල ඇමතිවරුන් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් ආණ්ඩු විසින් සිදුකර ඇති බව දැනගන්නට තිබෙනවා.

මෙහිදී අදාල ලිපියට අත්සන් තැබීමට පෙර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාල ඇමතිවරුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙනයි තිබෙන්නේ.

දෙවතාවක්ම පැනලා

එම සාකච්ඡාවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දෙවතාවක්ම සූම් කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් ඉවත්ව ගොස් ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ ඒ වන විටත් ආණ්ඩු පක්ෂයේම සන්ධානගත පක්ෂ 10න් පක්ෂ 7ක නියෝජිතයින් කලින් කතිකා කරගත් පරිදි ඔහුගේ නිවසට පැමිණ තිබීම නිසා බැව්ද හෙළිදරව් වනවා.

රාජපක්ෂවරුන්ගේ ඔත්තුකරුවා

ඒ අවස්ථාවේ එම රැස්වීමට සහභාගී වී සිටී රාජපක්ෂවරුන්ට ඉතා හිතවත් පක්ෂ නායකයෙකු එක්තරා රාජපක්ෂවරයකුට තොරතුරු ලබා දෙමින් සඳහන් කර තිබෙන්නේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ආ ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩල රැස්වීම දීර්ඝව ඇදෙන බැවින් පැමිණ සිටි පිරිසට සාකච්ඡාව ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

ඒ වන විට රාත්‍රී 8 පමණ වී තිබූ බවද රාජපක්ෂ හිතවාදී අදාළ මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙන අතර ඒ වන විට වීරවංශ හා නානයක්කාර යන අමාත්‍යවරුන් පැමිණ නොසිටි බවද දැනුම් දී තිබෙනවා.

මෙම රැස්වීමේ තොරතුරු අකුරක් නෑරම රාජපක්ෂවරුන්ට හිතවත් අදාල පක්ෂ නායකයා ලබාදී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

අදාළ ලිපිය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමැතිවරුන් තිදෙනා වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන මහත්තුරුන්ට පෞද්ගලිකවම  කතා කොට සිය අප්‍රසාදය පළ කර තිබුනේ කැබිනට් සාමුහික වගකීම කැඩිමේ චෝදනාවද එල්ල කරමින්.

Rate this item
(3 votes)
Last modified on Saturday, 04 September 2021 11:46

Related items