May 10, 2024

කැබිනට් සංශෝධන රහස්: දිනේෂ් මාරුව දැන ගත්ත විදිය

දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙක්.

ඒ වගේම පාර්ලිමේන්තුවේ සභානායකවරයා.එම තනතුර පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ දෙවැනි වන්නේ අග්‍රාමාත්‍ය ධූරයට පමණයි.

ඉකුත් සදුදා (16) සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී දිනේෂ් ගුණවර්ධන මහතා දැරූ විදේශ කටයුතු අමාත්‍යාංශයද වෙනස් කළා.

දැනගෙන තිබෙන්නේ පණිවිඩකරුගෙන්

එහෙත් ගුණවර්ධන මහතා තමන්ගේ අමාත්‍යංශයේ වෙනස්වන බව දැන ගෙන තිබෙන්නේ සංශෝධන සිදු වූ දින උදෑසන ජනපති ලේකම් කාර්යාලට පැමිණෙන ලෙස ලැබුණු පණිවිඩයෙන් පසුවයි.

"මගෙත් අමාත්‍යාංශයේ වෙනස් වෙනවද" යයි දුරකථනයෙන් පණිවිඩය ලැබුණු පසු ගුණවර්ධන මහතා පණිවිඩය දුන් තැනැත්තාගෙන් විමසා තිබෙන්නේ.

ඊට පිළිතුරු දෙමින් පණිවිඩකරු පවසා ඇත්තේ "ඔව් වෙනස් වීමක් වනවා" යන්නයි.

එහිදී යළිත් ගුණවර්ධන මහතා පෙරළා පණිවිඩකරුගෙන් විමසා තිබෙන්නේ "මොකක්ද ලැබෙන්නේ" යන්නයි.

"අධ්‍යාපනය වගෙයි" එහිදී පණිවිඩකරු පෙරළා පිළිතුරු දී තිබෙන්නේ ඒ ආකාරයට.

දැනුවත් කිරීමක් කරන්න තිබුණා

මෙවන් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන්නේ නම් එය කරන ප්‍රධානීන් අවම වශයෙන් ඒ ගැන තමන්ගෙන් විමසීමක් කිරීම සදාචාරාත්මක ක්‍රමවේදය බව මහජන එක්සත් පෙරමුණේ නායකයාද වන ගුණවර්ධන මහතා සිය හිතවත් ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී සගයකු සමඟ සඳහන් කොට තිබෙනවා.

තමාට කෙරුණු දැනුම්දීමට අනුව තමා ජනපති ලේකම් කාර්යාලයට යනතුරු තමාගේ අමාත්‍යාංශයේ වෙනස් කර ඇති බව නොදන්නා බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියද සදහන් කර තිබුණා.

ඒ කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුවිමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සමුගැනීම නිමිත්තෙන් එදිනම එම අමාත්‍යාංශයේ පැවැති කෙටි උත්සව සභාව අමතමින්.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 19 August 2021 08:00

Related items