May 10, 2024

ඇමැති පවිත්‍රා දොට්ට දාන්න සැලසුමක්! ඇමති මාරුවට හේතුව මේකයි

ආණ්ඩුව විසින් හදිසියේම කැබිනට් සංශෝධනයක් සිදු කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එම ධුරයෙන් ඉවත් කිරීම ඉලක්ක කරගෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය කොරෝනා මර්ධන ක්‍රියාවලියේ අසමත් බව පෙන්වමින් ඇය ඉවත්කර තිබුනද කොරෝනා මර්ධනයට අදාළ තීරණ ගන්නා කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හමුදාපතිවරයා හෝ තොරතුරු සපයන බුද්ධි අංශ ප්‍රධානීන්ගේ තනතුරු කිසිම වෙනසක් නොවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොරෝනා වසංගතය දෙවියන්ට බාර දීමට සිදු වනු ඇතැයි දින දෙකකට පෙර කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය ඇමතිකම දීම එක පැත්තකින් විහිළුවක් වී ඇති බව ද ඔහු පවසනවා.

කොරෝනා රැල්ලක් එන විට ආණ්ඩුව සිදුකළේ කොරෝනා මර්දනයේ සිටි ඉහළ නිලධාරීන් ඉවත් කිරීම බවත් ඔහු චෝදනා කරනවා.

අද වන විට රටේ කොරෝනා මරණ 6000 ඉක්මන විට කොරෝනා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් ඉතා හොඳින් ඔවුන්ගේ තනතුර දරා සිටින බව ඔහු තවදුරටත් කියා සිටියා.

Rate this item
(0 votes)

Related items