May 19, 2024

මගේ අරමුණ රටට සේවය කිරීම : ඒ නිසා යළිත් පාර්ලිමේන්තු යන්න ඕන - මර්වින් සිල්වා

තමන්ගේ අවසන් දේශපාලන ඉලක්කය රටට සේවය කිරීම සඳහා යළිත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම බව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා අනාවරණය කරයි.

යළි පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා තරඟ කරන්නේ කුමන පක්ෂයෙන් දැයි ඇසූ ප්‍රශ්නයට මර්වින් සිල්වා මහතා පිළිතුරු නොදී මග හැරීමද විශේෂත්වයකි.

පවතින දේශපාලන පක්ෂවල හා එහි නායකයන්ගේ ස්වභාවයන් පිළිබඳව විග්‍රහයක් කරමින් සිල්වා මහතා රාජපක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් ඇති ආණ්ඩුව පිළිබඳවද අදහස් පල කරයි.

තමා මෙන්ම රාජපක්ෂවරුන්ද රුහුණේ බව මතක් කර දෙන මර්වින් සිල්වා මහතා රට පාවා දී ,ජාතික සම්පත් විකුණා ශ්‍රේෂ්ඨ රාජපක්ෂ නාමයේ තාර නොගාන ලෙසද රාජපක්ෂවරුන්ට මතක් කිරීමක්ද කරයි.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කොට මර්වින් සිල්වා මහතා පරාජයට පත්විය.

මර්වින් සිල්වා මහතා මේ අදහස් පළ කර තිබුණේ යූටියුබ් චැනලයක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 March 2021 16:27