May 10, 2024

රාජසන්තක කළ වාහන ඉල්ලා ඇමැති චමල්ගෙන් කැබිනට් සංදේශයක් Featured

November 04, 2020

රාජසන්තක කර රේගුව භාරයේ ඇති වාහන පොලිසියට ලබාදෙන්නැයි අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඇමති චමල් රාජපක්ෂ මහතා එම ඉල්ලීම කරමින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

රේගුව විසින් රාජසන්තක කරන ලදුව මට්ටක්කුලිය වාහන අංගනයේ ඇති වාහන 229 ක් පොලිසියට ලබාදෙන ලෙස මෙලෙස ඉල්ලා ඇත.

පොලිසියේ රාජකාරී කටයුතුවලට ප්‍රමාණවත් තරම් වාහන නොමැති බැවින් ගැටලු රැසක් පැනනැගී ඇති නිසා, එය මගහරවා ගැනීම සඳහා මෙම වාහන ලබාදෙන ලෙස ඇමැති චමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 November 2020 21:09

Related items