April 27, 2024

"මගේ සැමියව මරා ගත්තා - මට මේ මරණය ගැන සැකයි" - මධුෂ්ගේ මරණය ගැන අනියම් බිරිඳ කතා කරයි (VIDEO)

"මගේ සැමියව මරා ගත්තා. මට මේ මරණය ගැන සැකයි. අපිට දැන්වත් පාඩුවේ ජීවත් වෙන්න දෙන්න" යැයි මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිද තිලිනි නිශායා මහත්මිය සඳහන්
කරයි.

මධුෂ්ගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද ඇය විසින් සිදු කරනු ලැබිය.

මධුෂ්ට කෝටි ගණන් මුදල්, මුතු, මැණික් තියෙනවා යැයි තමන් නොදන්නා බවත් ඩුබායිහි හෝටල්, වාහන අංගන ඇති බව තමන් නොදන්නා බවත් ඇය වැඩිදුරටත් පැවසිය.

කෝටි 700 නිල් මැණික් මංකොල්ලය සිදු කළේ නැති බවද ඇය සඳහන් කළේය.

රංගජිව මහතාට වෙඩි තැබීමට තමන් සම්බන්ධ නැති බවද එය බොරුවක් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

ඇය මෙම අදහස් පළ කළේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(29 votes)
Last modified on Monday, 26 October 2020 23:25

Related items