April 27, 2024

මාකඳුරේ මධුෂ්ගේ මරණ පරීක්‍ෂණය පවත්වයි - මධුෂ්ගේ දේහය භාර දෙන්නේ මේ අයටයි

කොළඹ මාලිගාවත්ත ඇපල්වත්ත ප‍්‍රදේශයේදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව ඊයේ (20) අලූයම මියගිය පාතාල කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නමැත්තාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ඔහුගේ නිත්‍යානුකූල බිරිඳට භාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජනි සිල්වා මහත්මිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.

එම වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ගොස් ඊයේ (20) උදෑසන ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය පියවර ගෙන තිබිණි.

අනතුරුව මාකඳුරේ මධුෂ් නමැත්තාගේ නිත්‍යානුකූල බිරිඳ වන ජයනි මුතුමාලි නමැත්තිය හා ඔහුගේ මවගේ සහෝදරියක වන මල්ලිකා සමරසිංහ නමැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

නීතිඥ අනෝමා කුමාරි පියතුංග මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

Rate this item
(0 votes)

Related items