අසත්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් වූ නීති රීති දැඩි කිරීමට රජයේ අවධානය යොමු කර තිබේ.
විශේෂයෙන්ම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව රජය හඳුනාගෙන ඇත.
පවතින නීති රීති ප්‍රමාණවත් නොවන බැවින් හා නව තාක්ෂණය යටතේ විවිධ මාධ්‍ය මගින් පළකරන ප්‍රචාරක කටයුතු සඳහා පියවර ගැනීමේ අරමුණින් නීති රීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
අසත්‍ය පුවත් පළකිරීමට අදාළව මේ වනවිටද නීති රීති ප්‍රකාශයට පත් කර තිබේ.
මේ සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පතක් 20/1328/330/007 දරන ඇමැති මණ්ඩල සංදේශය යටතේ අධිකරණ ඇමැති අලි සබ්රි ඇමැති මණ්ඩලයට පසුගිය 21 වැනිදා යොමු කර තිබුණි.