ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා යෙදවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඡන්දය පැවැත්වෙන අගෝස්තු 5 වැනිදා ඡන්දය ගණන් නොකිරීමට ගෙන ඇති තීරණයට අනුව සියලු ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනැවිත් දැඩි ආරක්ෂාව ලබා දෙන බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පැවසීය.
ඒ අනුව පොලිස් ආරක්ෂාවට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා යෙදවීමට ද පියවර ගෙන ඇත.