ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එළැඹෙන මහා මැතිවරණයේ දී ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙන ලෙස පොදුජන පෙරමුණ ප්‍රධානීන් කළ ඉල්ලීමක් පිළිබඳව හෙලිදරව්වක් වාර්තා වෙයි.
ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වී මැතිවරණ සටන මෙහෙය වීමට මුල්වන ලෙස කර තිබෙන මෙම ඉල්ලීමට වීරවංශ මහතා මුලදී කැමැත්ත පළ කර තිබුණද පසුවන එම අදහස වෙනස් කොට තරග කිරීමට තීරණය කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ අපේක්ෂක ලැයිස්තුවේ සිටින අපේක්ෂයන් 22න් 08ක්ම විමල් වීරවංශ මහතා නියෝජනය කරන කඩුවෙල ආසනය පදනම්ව දේශපාලනය කරන්නන් වීමද විශේෂත්වයකි.