පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා තමන්ගේ පෞද්ගලික මනාපය වැඩි කරගැනීමේ අරමුණින් කළුතර දිස්ත්‍රිකයේ දුර්වල ලැයිස්තුවක් ඉදිරිපත් කොට තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙයි.
කළුතර දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් පොදුජන පෙරමුණු ලැයිස්තුවක් ඉදිරිපත් කර ඒ හරහා මන්ත්‍රී ධූර 10 න් 07ක් ජයග්‍රහණය කිරීමේ අරමුණ පෙරදැරිව එම ලැයිස්තුවට හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මහා ඇමතිවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ, හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයෙකු වන නිර්මල කොතලාවල හා හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු වන සුමිත් ලාල් මෙන්ඩිස් යන මහත්වරුන්ව ඇතුළත් කරන ලෙස කළ යෝජනාව අබේගුණවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කළ බවද වාර්තා වේ.
රෝහිත අබේගුණවර්ධන මහතා මෙම ප්‍රතික්ෂේප කිරීම කර තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීය.
සුමිත් ලාල් මෙන්ඩිස් මහතා නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ලැයිස්තුවක් ද මෙවර කළුතර දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දී තිබේ.