April 27, 2024

සති දෙකෙන් බල පෙරළියක් - අකුරෙන් අකුර ආණ්ඩු ප්‍රබලයා හෙළි කරයි

සමඟි ජන බලවේගයෙන් පිල් මාරුවකට සැරසෙන මන්ත්‍රීවරුන් පිරිසක් ගැන අද පාර්ලිමේන්තුවේ හෙළිදරව්ව කළා.

ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්. 

ඒ අනුව ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ තනි මන්ත්‍රී ධුරයක් හොඹවන රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් යළි එක්වන බවයි.

අමාත්‍යවරයා මැති සබයේදී දීර්ඝ ලෙස කතා කරමින් සඳහන් කළේ "හ, ර, එ, ස" යන අකුරු වලින් නම් පටන් ගන්නා මන්ත්‍රීවරුන් එක්‌ වන බවට ඉඟියක් ද පළ කළා.

එලෙස ප්‍රකාශ කරමින් සිටියදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "ගරු කථානායකතුමනි මම විතරක් නෙමෙයි අපි කණ්ඩායම ම තව ටික දවසකින් ඔය පැත්තේ (ආණ්ඩු පක්ෂය) අසුන් ගන්නවා."

මහින්දානන්ද අලුත්ගමගේ මහතා  එහිදී මෙසේ ද සඳහන් කළා,

"බලන්නකෝ තියෙන සතුට, මුදල් ඇමතිකම ගන්න ත්‍රීවිල් එකේ යනවා. පේමන්ට්වල යනවා. ඒ නිසා එකක් මතක තියාගන්න ඔයාලා බලන් ඉන්නේ මේ පැත්තට එන්න තමයි. ඒවා නිකන් දවල් හීන. හොදට මතක තියාගන්න තව මාසදෙක තුනක් යනකොට බලාගන්න පුළුවන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කීදෙනෙක් ගැලවිලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව හිටගන්නවාද කියලා බලමු. තව සුමාන දෙකයි කැට තියලා කියන්නම්. නම් ටික අහගන්න ඕනි ද, නම් ටික කියන්න ද. අටදෙනයි දැනට දහදෙනෙක් කතා කරලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක යන්න තීන්දු කරලා ඉවරයි. ඒ සියල්ල අංකයි, නමයි, ගමයි, ලිපිනයයි ඔක්කොම දෙන්නම්. ඒ නිසා ආණ්ඩු ගන්න එක කෙසේ වෙතත්, තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ හැත්ත පරිස්සම් කරගන්නවා. මම අර කිව්වානේ 10ක් ගැන. හ යන්නෙන් එක්කෙනයි, එ යන්නෙන් එක්කෙනයි, ර යන්නෙන් එක්කෙනයි, ස යන්නෙන් එක්කෙනයි. ඔයාලගේ ඒ නම් ටික බලාගන්න. ඒ මුල් අකුරු 4ම කිව්වම."

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 March 2022 20:16

Related items