April 29, 2024

එක වන්දියක් ගොවියා අතේ - ඇමැති වන්දි දෙකක් දෙන හැටි කියයි (VIDEO)

මහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ අනුව වී ගොවිතැනේ නියැලෙන ගොවීන් ලක්ෂ 11කට ආසන්න වී ගොවීන් වෙනුවෙන් මෙම වගා හානි ගෙවන බවයි.

මෙවර මහ කන්නයේ ‌හෙක්ටයාර ලක්ෂ 8ම වගා කර ඇති බවද ඔහු පැවැසුවා. 

මේ අතර මෙවර මහ කන්නනයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 25 ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රසායනික පොහොර භාවිතයේ අඩුවීම හේතුවෙන් වී නිෂ්පාදනයේ අඩුවක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

පෞද්ගලික අංශයත් සමග තරගකාරි ලෙස ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 75කට මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

කෙසේ නමුත් කිසිදු ආකාරයකින් සහල් මිල වැඩි කිරීමකට යොමු නොවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම අයුතු ලෙස ඇතැම් ව්‍යාපාරිකයන් විසින් වී කිලෝවක මිල අධික ලෙස ඉහළ දැමීමත් වී මෝල් මාෆියාව නැවැත්වීමටත් සහ රට තුළ සහල් සංචිතයක් තබා ගැනීමටත් අවශ්‍ය බැවින් සහල් ආනයනය කිරීමටද තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී පැවසුවා.

මේ අතර, 2021/2022 මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් ඒ හේතුවෙන් බලපෑමට ලක්වන වී ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝවකට රුපියල් 25ක වන්දියක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මහ කන්නයේ වී වගා කළ තම නිෂ්පාදනය අඩු වූ වී ගොවීන්ට පමණක් වගා හානි ගෙවන බවත් අනෙකුත් වගාවන්ට (එනම් බඩ ඉරිඟු, එළවළු ඇතුළු ) වගා හානි ගෙවීමට තවමත් තීරණය කර නොමැති බවත් අලුත්ගමගේ මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 15:09

Related items