April 28, 2024

ඇමති මහින්දානන්ද දුකෙන් - ජනපතිගේ "පුංචි නිවස" ගැනත් සිහි කරයි

අධික මුදලක් වැයකර ජනාධිපති මන්දිරය පාවිච්චි නොකරන ජනාධිපතිගේ පුංචි නිවස ඉදිරිපිටට ගොස් විරෝධතා පැවැත්වීම කණගාටුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා බව පැවසුවා.

ජනාධිපතිවරයාට ජනාධිපති මන්දිරයේ වියදම සඳහා බිලියන ගණන් මුදල් වෙන්කර තිබියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ බිලියන 1.5 ක් රටට ඉතුරු කළ බවයි  අමාත්‍යවරයා පවසන්නේ.

ජනාධිපතිවරයාට පරිවාරක රථ 25 ක් පාවිච්චි කරන්නට පුළුවන්කම තිබියදී වාහන තුනක් පමණක් පාවිච්චි කරන බවද සඳහන් කළා.

දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් තහවුරු වෙලාදැයි කිවහොත් ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණය කරන්න තරම් රටේ ජනතාවට අයිතියක් තිබෙන බවද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ජනතාව වෙනුවෙන් කැපකිරීම් කරද්දී තුට්ටු දෙකේ වැඩ කටයුතු කරන විපක්ෂය ජනාධිපති පෞද්ගලික නිල නිවසට ගොස් විරෝධතා පැවැත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

Rate this item
(1 Vote)

Related items