May 10, 2024

බැසිල්ට ඉන්දියාවෙන් හදිසි ඇමතුමක් - ඉන්දියාවේ සංචාරයකටත් සුදානම්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (07) දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

සුහද අන්දමින් පැවති එම සාකච්ඡාව ඵලදායී බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

එහිදී ශ්‍රී ලංකාවට සියලු ආකාරයෙන් අඛණ්ඩ සහය ලබාදීමට ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහතික වී තිබෙනවා.

එමෙන්ම මේ මස මැද භාගයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ඒ සදහා සුදුසු දිනයක් පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Rate this item
(0 votes)