ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගම සමග අත්සන් කළ මතභේදාත්මක ගිවිසුම අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු හැටි විමල් වීරවංශ අමාත්‍යවරයා හෙළි කරනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම ගිවිසුම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් අනුර කුමාර දිසානායක මහතාට ලබා දී ඇති බවයි.
ගිවිසුම ලැබුණු හැටි
එසේ ලැබුණු හැටිද ඔහු සඳහන් කරනවා.
එම ගිවිසුම මීට සති 2 කට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් දිසානායක මහතාට ලැබී තිබෙන්නේ එහි පිටපතක් බව අමාත්‍යවරයා තහවුරු කරනවා.
කැබිනට් මණ්ඩල ඇමතිවරුන් ඔවැනි දේවල් කරන බවත් සඳහන් කරන අමාත්‍යවරයා එම ගිවිසුමේ මතභේදාත්මක කරුණු පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම් වලදී සාකච්ඡා වූ බවත් පෙන්වා දෙනවා.
විරෝධතා ලිඛිතව
ඒ සම්බන්ධයෙන් තමන්ගේ ඇති විරෝධතාද ලිඛිතවම කැබිනට් මණ්ඩලය වෙත යොමුකර ඇති බවත් ඔහු හෙළිදරව් කරනවා.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මුදල් අමාත්‍යාංශය සතු 50% ක කොටස් ඇමරිකාවේ ඉහත සඳහන් සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වූ ගිවිසුම විපක්ෂයේ සියලු පක්ෂ කිහිපවිටක්ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
එහෙත් එය ලබාදුන්නේ නැහැ.
අය - වැය අවසන් දින ඔහු ඉකුත් 10 වැනිදා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එම ගිවිසුමේ පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එය සභාගත කළා.