May 05, 2024

බෝරා ප්‍රජාවේ නායකයා ජනපතිගේ මිරිහානේ නිවසට යයි

December 11, 2021

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී සිදු විය.

මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරනවා.

තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, ඉදිරියටත් සිය අනුගාමිකයන් සමග මෙරටට පැමිණෙන බව සෙයිෆුද්දීන් සහෙබ්තුමා සඳහන් කර තිබෙනවා.

රජය ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ දියුණුව තමා අපේක්ෂා කරන බව පැවසුවා.

කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායක සෙයිෆුද්දීන් සහෙබ්තුමා කළ පරිත්‍යාගයට ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා, ආයෝජන  සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගයනු ලැබුවා.

 

Rate this item
(0 votes)

Related items