රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුමක් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ (1) මාධ්‍ය හමුවක් තබමින් ඉදිරිපත් කළා.
ඔහු සඳහන් කරන්නේ වහාම අන්තර් කාලීන පාලනයක් ඇති කළ යුතු බවයි.
ජනතා ප්‍රතිචාරය
මේ වන විට ඡනතාව සිය අපහසුකම් සටන්කාමී ලෙස මුදා හරින්නට පටන් ගෙන තිබෙන බවද වීරවංශ මහතා සඳහන් කරනවා.
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුවට බැරි බව මෙන්ම ඒ සඳහා උවමනාවක් නැති බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
වීරවංශ මහතා පෙන්වා දෙන්නේ පවතින ආර්ථික අර්බුදයට සාමාන්‍ය පිළිතුරු ගැලපෙන්නෙ නැති බව තමන් නියෝජනය කරන ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 10 කණ්ඩායමේ විශ්වාසය බවයි.
ඉදිරිපත් කරන යෝජනාව
ඒ නිසා වහාම කැබිනට් මණ්ඩලය විසුරුවා හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වලින්ම සැදුම්ලත් කෙටිකාලීන අන්තර් පාලනයක් ඇති කරන ලෙස තම කණ්ඩායම ජනපතිවරයාට යෝජනා කරන බව වීරවංශ මහතා මහතා සඳහන් කරනවා.
එම අන්තර් කාලීන පාලනයට කැමති පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වල අදහස් වලට සවන් දිය යුතු බවත් ඔහු අවධාරණය කරනවා.
එම අන්තර් කාලීන පාලනය තුළින් රට යම් මට්ටමකට ගොඩ ගෙන ඉන්පසු මහ මැතිවරණයක් ජනතාවට ලබාදිය යුතු බවයි ඔහු යෝජනා කරන්නේ.
ජනතාවගේ කැකෑරෙන ප්‍රශ්න වලට පෙනෙන්නට තිබෙන එකම විසඳුම ලෙස තම කණ්ඩායමට පෙනෙන්නේ එය බව ඔහු සදහන් කරනවා.