May 02, 2024

ශ්‍රීලනිපයත් සැලුන් දොර අරියි : ගිය අයට මහගෙදරට එන්න පුළුවන්

November 27, 2021

අමනාපකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය සියලු දෙනාටම පක්ෂයේ දොර විවෘත කර ඇති බව එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කරනවා.

එ නිසා පක්ෂය හැර ගිය හැමෝටම යළි මහ ගෙදරට එන ලෙස ඔහු ආරාධනා කරනවා.

මහගෙදර මොකක්ද

පොදු ජන පෙරමුනේ සිටින අයටත් මහගෙදර මොකද්ද කියන එක මතක බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

දිසානායක මහතා මේ ආරාධනය කළේ මිහින්තලේ පැවති ශ්‍රී.ල.නි.ප ආසන බලමන්ඩල රැස්වීමක් අමතමින්.

ඇතැමුන් ශ්‍රී.ල.නි.පය සුළු කොට තකන මුත් කිසිවෙකුටත් පක්ෂය දුර්වල කිරීමට නොහැකි බවත් වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරයක්ද දරන දිසානායක මහතා එහිදී ප්‍රකාශ කොට තිබෙනවා.

රටට ජයග්‍රහණ රැසක්

ශ්‍රී.ල.නි.පය තරම් රටට ජයග්‍රහණ අත්පත් කර දුන් තවත් පක්ෂයක් නැති බව දිසානායක මහතා එහිදී සඳහන් කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණය මෙරටට ලබා දුන්නේ ශ්‍රී.ල.නි.පයේ සභාපතිවරයා ලෙස බවත් මතක් කරමින්.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට මෙන්ම මහ මැතිවරණ ජයග්‍රහණයට ශ්‍රී.ල.නි.පය පොදුජන පෙරමුණට පැමිණියේ සන්ධානයක පාර්ශවකරුවන් ලෙස බවත් ඔහු රැස්වීම අමතා ප්‍රකාශ කොට තිබෙනවා.

එසේ සන්ධානයකට පැමිණියේ ගිවිසුම අත්සන් කර බවත් එනිසා ආණ්ඩුව ඇතුළේ සිටියත් ශ්‍රී.ල.නි.පයට වෙනම දේශපාලනය කිරීමේ අයිතියක් තිබෙන බවත් එහිදී දිසානායක මහතා ආණ්ඩුවට මතක් කර දුන්නා.

ඒ අයිතිය කාටවත් නැවැත්වීමට නොහැකි බවත් ශ්‍රී.ල.නි.පය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළ කිසිවෙකුටත් නැවැත්වීමට නොහැකි බවද රැස්වීම අමතා රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 00:10