May 18, 2024

ආදර්ශ කාබනික වගාවත් අසාර්ථකයි

November 21, 2021

කාබනික වගාව දිරිමත් කිරිම සදහා රුපියල් මිලියන 13ක් වැයකර රාජාංගනය වම් ඉවුර ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් වස විසෙන් තොර පාරම්පරික වී ප්‍රභේද වගා කිරිමේ ව්‍යාපෘතියක් 2020 වර්ෂයේ දී ආරම්භ කළද එම ව්‍යාපෘතිය තුලින් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වෙනවා.

මෙකී ව්‍යාපෘතිය සඳහා කුඹුරු අක්කර 10,000ක් වගා කොට වී කිලෝ 18,000,000 අස්වැන්නක් ලබා ගැනිමේ  අරමුණින් රුපියල් මිලියන 82.6ක මුදලක් රාජාංගනය වම් ඉවුර ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ලබාදි තිබුණා. ව්‍යාපෘතිය යටතේ අක්කර 3152ක් පමණ වගා කොට තිබු අතර වගාකර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණයට වඩා වැඩිපුර බිත්තර වී මිලදි ගෙන තිබිම හේතුවෙන්  බිත්තර වී කිලෝ 57865ක් සදහා රුපියල් මිලියන 3.3ක නිෂ්කාර්ය ගෙවිමක් සිදුකොට ඇති බව විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මෙකි ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 13ක ප්‍රතිපාදන උපයෝජනය කර තිබු අතර මුළු අස්වැන්න වී කිලෝ 1974,350ක් වි තිබුණා. එම හේතුවෙන් ව්‍යාපෘතිය තුලින් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 November 2021 14:51