මෙරට ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු, ගායකයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වන ඉරාජ් වීරරත්න හට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු විසින් පහර දුන් බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් සංසරණය වෙමින් තිබෙනවා.
එමෙන්ම ඉරාජ් වීරරත්න සතුව තිබූ ෆේස්බුක් පිටු දෙකක්ද පසුගිය දින කිහිපය තුළ අතුරුදහන්ව තිබුණු අතර පසුව ඉන් එක් පිටුවක් ඔහු විසින් නැවත ෆේස්බුක් තුළ ප්‍රතිස්ථාපනය කර තිබුණා.
ඉරාජ් විසින් මෙරට යුටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් තමන්ට සිදුවුණේ කුමක්දැයි පවසා සිටි අතර එහිදී ඔහුට රාජපක්ෂ පුතෙකු විසින් පහර දුන්නාද යන ප්‍රශ්නයටත් පිළිතුරු ලබාදුන්නා.
එහිදී ඉරාජ් කියා සිටියේ තමන්ට පහර දුන් බවට වන සියලු කතා අසත්‍ය බවයි.
ඔහු පවසා සිටියේ “ළමයි ගැහුවා කියලා තියෙනවා, සම්පුර්ණ බොරු ඒක.. ගහන්න තියා මේක ඇතුළෙන් මං එළියට ගියෙත් නෑ පහුගිය දවස්වල. ඒක සම්පුර්ණ බොරු.. එතනින්ම හිතාගන්න මේ රටේ ඕක ඔය කරන්නේම 3% කණ්ඩායම.. මිනිස්සුන්ට බොරු සමාජ ගත කරනවා මාර විදිහට.. මං දැක්කා මිනිස්සුත් ඒවා විශ්වාස කරනවා” යනුවෙනි.
යෝෂිත රාජපක්ෂ මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව ඉරාජ් විසින් පවසා සිටි අතර එහිදී ඉරාජ් සඳහන් කර සිටියේ “මං දැක්ක යෝෂිත රාජපක්ෂ ස්ටේට්මන්ට් එකක් දාලා තියෙනවා.. මං දන්නේ නෑ අපරාදේ දැම්මෙත් ඒක.. ඕවාට රෙස්පෝන්ඩ් කරන්න නරකයි.. මිනිස්සුත් දැනගන්න ඕන මේ පට්ටපල් බොරු කියන්නේ කියලා..” යනුවෙනි.
සැබැඳි පුවත > "ඉරාජ්ගේ කණට ගහන්න ළඟකදී හම්බුණේ නැහැනේ" - යෝෂිතගේ ප්‍රතිචාරය