ග්‍රැෆික් කලාවෙන් වෙනස්ම නිර්මාණ මවන දකුණේ තරුණයෙක් අපට හමු වුණා. ඔහු නමින් පැතුම් තුෂල්ක වීරසිංහ. Portrait Digital Cartoon Concept කියන නම ඔබට ඒ තරම් හුරු පුරුදු නම් නැතුව ඇති. සරලවම කියනවා නම් illustrator වලින් සාමාන්‍ය ස්වරූපය Cartoon රූපයක් ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමේ කලාවයි. පැතුම් මේ කලාවට යොමු වුණ අයුරු අපට මේ විදියට විස්තර කළා.
පැතුම් මුලින්ම කරලා තියෙන්නේ Logos නිර්මාණය කරන එක. ඊට පස්සේ පොඩි පොඩි ආයතන වලටත් ඒ විදියට Logos හදලා. ඔහු මේ හැමදෙයක් පිළිබඳවම හොඳට අධ්‍යයනය කරලා. එතකොට තමයි මේ වගේ දෙයක් කරන්න ආසාව ඇති වෙලා තියෙන්නේ. මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ කාටුන් චරිත. කවුරුත් දන්න ස්කූබිඩූ, සූටින් මාටින් වගේ චරිත තමයි මේ විදියට නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විදියට මුලින් වැරදි වැරදි 20ක් 30 ක් විතර ඇඳලා තමයි හරියට අඳින්න පුරුදු වෙලා තියෙන්නේ.
හරීන්ද්‍ර ජයලාල්, හසිත විජේවර්ධන, ගයාත්‍රි ඩයස්, ඉෂාරා සඳමිණි, චන්දිමාල් ජයසිංහ, ඉරාජ් වීරරත්න, දිලිත් ජයවීර වගේ ප්‍රසිද්ධ චරිත 30කගේ විතර රූප කාටුන් ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙනවා. පැතුම් ඔහු අතින්ම නිම කළ නිර්මාණ සමාජ මාධ්‍ය ඔස්සේ ෂෙයාර් කරා. ඒ සඳහා ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දක්විමම ඔහුගේ ගමනට ශක්තියක් වූ බවයි ඔහු නම් කියන්නේ. පවුලේ අය වගේම ක්ෂේත්‍රයේම ඉන්න යාළුවෝ අඩුපාඩු පෙන්නලා දීලා ඔහුව දිරිමත් කරලා. ඒත් එක්කම ඔහුගේ නිර්මාණ සමාජ මාධ්‍ය වලින් බලලා ඒකට ප්‍රතිචාර දක්වන අය, අගය කරන අයත් ඔහුට ලොකු ශක්තියක් කියලා තමයි පැතුම් කියන්නේ.
අළුත් කාටුන් චරිත ටිකක් නිර්මාණය කිරිමේ බලාපොරොත්තුවක් තියෙන බවත් Portrait Designs වලින් ඔහු සිදු කරන නිර්මාණ තව වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙන බවද ඔහු සඳහන් කළා. මේ නිර්මාණ තෑගි විදියට දෙන්න පුළුවන් ආකාරයට නිර්මාණය මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ”තෑගි දෙන අළුත්ම සාස්තරේ“ කියන සංකල්පයෙන් ඒවා වෙළඳපොලට මේ වෙනකොටත් ඇවිත් තියෙන බව ඔහු වැඩිදුරටත් ඒෂියන් මිරර් අපි සමඟ පවසා සිටියා.