May 02, 2024

රෝහිත ක්‍රිකට් ක්‍රීඩාවට එනවා යැයි කියූ අයට රෝහිත දුන්නු උත්තරේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමට සිටින බවත්, ඔහු ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සුදානම් ලෙසින් පුවතක් මේ වන විට පළවී තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළද සංසරණය වූ මෙම පුවත සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ඔහු විසින් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන බවට වන පුවත ප්‍රතික්ෂේප කර තිබුණා.

රෝහිත රාජපක්ෂ මහතා විසින් පවසා තිබුණේ මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක් ඇතුළු වෙබ් අඩවි කිහිපයක් තමා ක්‍රිකට් පරිපාලනයට එකතු වන බවට පළ කර තිබූ පුවත පිළිබඳව කනගාටුවට පත්වන බවයි.

සමහර වෙබ් අඩවි තමන් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ක්‍රීඩා කරන බවටද පුවත් පළ කර තිබූ බවද ඒ මහතා සිය නිවේදනය ඔස්සේ පවසා තිබෙනවා.

තමාට ක්‍රිකට් ක්‍රීඩාවට හෝ ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට කිසිදු අදහසක් නොමැති බවද රෝහිත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

තමා මේ වන විට සත්සාමාජික රග්බි තරඟාවලියක් සඳහා සුදානම් බවද ඔහු පවසා සිටියා.

එවැනි අසත්‍ය පුවත් පළ කළ මාධ්‍යවේදීන් කිසිම අවස්ථාවක තමන්ව සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව විමසීමක් නොකළ බවද පෙන්වා දෙන රෝහිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එවැනි පුවත් නිසා සිදුවන හානිය පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 22:57