May 12, 2024

පෙරළියක ආරම්භය: හිටපු ජනපතිගේ මහනුවර සංචාරයට සියල්ල සූදානම්

අදට (30)යෙදී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඓතිහාසික මහනුවර දළදා මාළිගාව වැඳ පුදා ගැනීමේ කටයුතු මේ වන විට ඉතා ඉහළින්ම සූදානම් කොට තිබෙන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.

හිටපු ජනපතිවරයා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි - මල්වතු මහා නාහිමිවරුන් ද බැහැ දැකීමෙන් පසු ඓතිහාසික මහනුවර නගරයේදී ශ්‍රීලනිපය යළි නැගිටවීමේ වැඩපිළිවෙළද ආරම්භ කරන බව මහාචාර්යවරයා අවධාරණය කරයි.

ඒ අනුව අද (30) මහනුවරදී ශ්‍රීලනිපයේ සභාපතිවරයා, මහලේකම් ඇතුළු සියලු නිලධාරීන් සහභාගීවන පාක්ෂික හමුවක්ද පැවැත්වීමට නියමිත අතර හෙට (31) මාතලේදී දෙවැනි පාක්ෂික හමුව සූදානම් කොට තිබෙන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රීලනිපයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම මහ ලේකම්වරයෙකුද වන මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ අදින් අරඹන ගමන ශ්‍රීලනිපය යළිත් මෙරට ප්‍රගතිශීලි කඳවුරේ නියෝජනය බවට පත් කරන බවය.

අද වන විට ශ්‍රීලනිපයට රටපුරා විශාල ඉල්ලුමක් තිබෙන බවත් ඊට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වන්නේ මන්දැයි විමසමින් තමන්ට ලිපි ලැබෙන බව හිටපු ජනපතිවරයා මැද කොළඹ පැවති ශ්‍රීලනිප ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ප්‍රකාශ කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 30 March 2021 10:08