May 09, 2024

මෛත්‍රී - චන්ද්‍රිකා ගැටුම දුරදිග යයි! චන්ද්‍රිකා තැබූ මල්කළඹ මෛත්‍රීගේ ගෝලයින් විසි කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දින සැමරුම එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අසල දී ඊයේ (08) පැවැත්විණි.

මෙම උත්සවය ආරම්භවීමට පෙර එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් ඇතුළු කිහිපදෙනෙක් ද එහි පැමිණ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වූහ. පසුව එම දෙපල තබාගොස් තිබූ මල් කළඹ ප්‍රධාන උත්සවය ආරම්භවීමට පෙර ඉවත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතළු පිරිසක් කටයුතු කිරීම නිසා එම ස්ථානයේ යම් මත ගැටුමක් ද ඇති විය.

එහි සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවත් පිරිසක් බණ්ඩාරනායක මහතාගේ දියණියන් තැබූ මල් කළඹ ඉවත් කිරීම වරදක් බවට මෙහිදී අදහස් දැක්වීම හේතුවෙන් මෙම මත ගැටුම ඇති වූ අතර අවසානයේ එම මල් කළඹ දෙක යළිත් ගෙනැවිත් එහි තැබීමට කටයුතු කෙරිණි.

හිටපු ජනාධිපතිවරයා ද එම මල් කළඹ තිබියදීම බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. මෙහිදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුවට මල්දම් පළඳවනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසිනි.

Rate this item
(0 votes)