April 29, 2024

සිරිසේන හැම තැනම: සජිත්ගේ වැඩේටත් ගිහින් Featured

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ස්ථාවරය තේරුම් ගැනීම ඉතා අසීරු කරුණක්.

ඒ ඔහු හැම කදවුරකම අඩිය ගසා සිටීම නිසා.

පක්ෂ 11 කණ්ඩායම

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ඔහු ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමෙත් සිටිනවා.

එම කණ්ඩායම ආණ්ඩුවේ ප්‍රධානම පාර්ශවය වන පොදුජන පෙරමුණ සමග මත ගැටුමක නිරතව සිටින පිරිසක්.

ඒ අතරම සිරිසේන මහතා හා ශ්‍රී.ල.නි.පය ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ ආරාධනාවකට අනුව ජනපතිවරයාද මුණ ගැසුණා.

ජනපති හමුවේ කළ ප්‍රකාශය

එහිදී සිරිසේන මහතා සඳහන් කළේ මේ අසීරු අවස්ථාවේ රට වැටෙන්නට නොදීම සඳහා ආණ්ඩුව සමග වැඩ කරන බවයි.

ශ්‍රී.ල.නි.පය ආණ්ඩුව සමඟ සිටින ඇති බව එහිදී ජනපතිවරයාත් ප්‍රකාශ කොට තිබෙනවා.

එළැඹෙන 23 දින ජනපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවටද සිරිසේන මහතා සහභාගි වීමට නියමිතයි.

විපක්ෂ නායක සමඟ

මේ අතර සිරිසේන මහතා විපක්ෂ නායක , සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පිරිනමනු ලැබූ ගෞරවනාම උත්සවයටත් සහභාගි වී ඇති බව වාර්තා වනවා.

එහිදී හිටපු ජනපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ මව මෙන්ම හිටපු ජනපතිවරයෙකු වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ හේමා ප්‍රේමදාස මහත්මිය සමඟ සාකච්ඡාවකද නිරත වූ බව දැනගන්නට තිබෙනවා.

ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් එම අවස්ථාවට සහභාගී වී ඇති එකම නියෝජිතයා හිටපු ජනපතිවරයා පමණයි.

එම අවස්ථාවට සහභාගී වන ලෙස ඔහුට ආරාධනා කළ බවක් දැනගන්නට නැහැ.

කිට්ටු සබඳතාවය

සිරිසේන මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඉතා කිට්ටු දේශපාලන ගනුදෙනුවක් තිබෙන බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණක්.

බොහෝ විට ඉදිරි තීරණාත්මක මැතිවරණයකදී මෛත්‍රිපාල සිරිසේන හා සජිත් ප්‍රේමදාස පාර්ශව එකට එක් වනු ඇති බවටත් මත පළ වනවා.

යහපාලන ආණ්ඩුවේ සිටි දක්ෂතම ඇමතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව කිහිප වතාවක්ම සිරිසේන මහතා ජනපති ධුරය දරද්දීදම හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් සජිත් ප්‍රේමදාස මහතාට "ශාසන කීර්ති දේශාභිමානි ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමය පිරිනැමුවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 13 March 2022 12:02