May 10, 2024

ශ්‍රීලනිපයේ අවුල දුරදිග යයි! “ප්‍රශ්න ඇතුළේ බේරගන්නවා“ මහින්දගෙන් ප්‍රකාශයක් - ජනපති ලඟට යන්න සූදානම්

December 19, 2020
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය නියෝජිතයින්ට පවතින ගැටළු සම්බන්ධයෙන් නුදුරු දිනකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  
ඒ අනුව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සමඟ ශ්‍රීලනිපයේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට සූදානම් බවත් අගමැතිවරයා පසුගිය සතියේ හමුවී සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
ප්‍රශ්න ගැටලු ඇතුලේ බේරා ගැනීමට සාකච්ඡා සිදු කරන බවත් රජය හෝ ජනාධිපතිවරයා දුර්වල කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයේ සංවර්ධන කි‍්‍රයාවලියට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය නියෝජිතයින් සම්බන්ධ කර නොගැනීම ගැටළුවක් බව ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කියා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 December 2020 10:23