May 10, 2024

ආණ්ඩුව ගැන කළකිරුණු ශ්‍රීලනිපය තනිව ගමනකට සැරසෙයි - පක්ෂයේ බහුතරයක් කැමතියි

December 18, 2020

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තනිව ඉදිරිපත්වීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කිරීමෙන් ශ්‍රීලනිපයට කිසිදු වාසියත් අත් නොවූ බවත් දිගින් දිගටම කුඩම්මාගේ සැලකිලිවලට මුහුණ දීමට සිදුවන බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.

එම නිසා පාක්ෂිකයින් බහුතරයකගේ අදහස ශ්‍රීලනිපය තනිව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ ගණනාවක් එම මැතිවරණයට තනිව තරඟ කරන නිසා ශ්‍රීලනිපයද තනිව තරඟ කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මීට පෙර පළාත් පාලන මැතිවරණයේදී තනිව ඉදිරිපත් වූ ප්‍ර දේශවලින් සියයට 15ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රීලනිපය ලබා ගත් නිසා තනිව තරඟ කළහොත් පළාත් සභා මන්ත්‍රීධූර කිහිපයක් දිනා ගෙන තෙවැනි ස්ථානයට පත්වීමේ හැකියාව පවතින බව හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වෙතත් පසුගියදා කොළඹදී මාධ්‍ය අමතමින් ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම ආණ්ඩුව හැදීමට මහන්සි වූ පක්ෂයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සලකන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත්ය.

තම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් ආණ්ඩුවෙන් ලබා දිය යුතු බවත් එය බලධාරීන්ට මතක් කර ඇති බවත් ඔහු පැවසීය.

ආණ්ඩුවේ සංවර්ධන වැඩ සදහා එක් කර නොගැනීම නිසා පක්‍ෂයේ සංවිධායකයන් මන්ත‍්‍රීවරුන් දැඩි කලකිරීමෙන් සිටිනා බවත් ඒ මහතා පෙන්වා දී තිබිණි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිගෙන් අවස්ථාවක් ඉල්ලුවත් එය නොලැබුනු බවත් බැසිල් රාජපක්ෂ මහතා සමඟ කරන ලද සාකච්ඡා කිසිදු හරයක් නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 December 2020 11:16