April 29, 2024

දෙවිනුවර දේවාලයේ කපු මහත්වරු 11ක් නිරෝධායනයට

November 25, 2020

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ කපු මහත්වරුන් 11 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පෙරේදා (23) සිට ස්වං නිරෝධායනයට ලක් ඇතැයි වාර්තා වේ.

මේ අතර දෙවිනුවර පූජා භූමිය අවට මල් වෙළදාමේ නිරත වෙළදුන් 16 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද ස්වං නිරෝධායනයට ලක් කර තිබේ.

පසුගිය 20 වැනිදා මාලිම්බඩ ප්‍ර දේශයේ තරුණයෙකු දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වැඳ පුදා කිරි දානයක්ද අසල සිටි පිරිසට ද පිළිගන්වා ඇති අතර මෙම තරුණයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 21 වැනිදා අනාවරණය වීමත් සමඟ මෙම පිරිස නිරෝධායනය කර තිබේ.

Rate this item
(0 votes)