April 30, 2024

අද රාත්‍රී 8 සිට දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

අද(16) රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඊයේ(15) රාත්‍රී 08.00 සිට පනවා තිබූ ඇඳිරි නීතිය අද අළුයම 05.00 ට ඉවත් කෙරුණි.

කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල මැයි මස 18 වන සඳුදා අළුයම 05.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මැයි මස 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී  08.00 සිට අළුයම 05.00 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතරතුරදී ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වනදා ආරම්භ වූ වැඩපිළිවෙල අද දිනය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඒ අනුව මැයි 18 වන සඳුදා සිට අදාල වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ඉදිරියේදීත් නිරෝධායන නීතිරීතිවලට අනුගතව කටයුතු කරන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමඟ ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමු වූ පුද්ගලයින්ගෙන් 85,000 කට වැඩි පිරිසක් එම සහතික ලබාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Rate this item
(0 votes)