"සිරාව හැදුවෙත් මම සිරාව විනාශ කරන්නෙත් මම" යැයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසකගේ මුහුණටම කියන වීඩියෝවක් සමාජ මාධ්‍යජාල වල දැක ගැනීමට තිබේ.
"සිරාට බය වෙන්නේ මොකට දැයි" ඇය ඒ අවස්ථාවේ එතන සිටි පක්ෂ මහ ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් විමසන අයුරුද එම වීඩියෝවෙන් දැක ගත හැකිය.
මෙම සිද්ධිය වුයේ ඉකුත් 26 වනදාට යෙදී තිබුණු ශ්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 51 වැනි ගුණසමරුව නිමිත්තෙන් හොරගොල්ල බණ්ඩාරනයක සමාධිය අසල පැවති උත්සවය අතරදීය.