May 04, 2024

වැගන් ආර් ලක්ෂ 65යි - පාවිච්චි කළ වාහනවල මිල ගණන් මෙන්න

September 15, 2021

වාහන ආනයනය නතර කර දැමීමට රජය තීරණය කිරීම සමඟ පාවිච්චි කළ වාහනවල මිල ගණන් ද දෙගුණයකින් පමණ වැඩි වී තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ හතළිහකට පමණ මිල නියම ව තිබූ වෙසල්ස් සහ පියර්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 80 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාහන ආනයනය කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුමාරසිංහ මහතා පවසන්නේ.

වැගන් ආර් රථයක මිල රුපියල් ලක්ෂ තිස් පහේ සිට ලක්ෂ 65 දක්වාත්, ටොයෝටා ප්‍රිමියෝ රථයක මිල ලක්ෂ 90 සිට ලක්ෂ දෙසිය දක්වාත්, ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථයක මිල රුපියල් ලක්ෂ 200 සිට ලක්ෂ 500 දක්වාත් දෙගුණයකින් මිල වැඩි ව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 15 September 2021 13:13