අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඉතා කෙටි කලකින් සම්මත කර ගැනීමෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිදු වන බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
20 වන සංශෝධනයෙන් කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාවේ සීමාව ඉවත් වන බැවින් එය ප්‍රයෝජනයට ගෙන කලකිරීමෙන් සිටින ජේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටත් සුළු ජාතික හා සුළු පක්ෂ නියෝජිතයන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට හා රාජ්‍ය අමාත්‍ය ධුර දරන කිහිපදෙනෙකුටත් කැබිනට් අමාත්‍ය ධුර ලබා දීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.
ඒ අතරම වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටින එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ විෂයන් සංශෝධනය කිරීමට ද ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටියි.
එසේ වෙනසක් සිදු වන අමාත්‍ය ධුර අතර වයෝවෘද්ධ සාමාජිකයෙකු අමාත්‍ය ධුරයක් දරන විෂය පථයක් ද ඇතුලත් බව දැනගන්නට තිබේ.
පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මහනුවර දිස්ත්‍රික්කයේ ජාතිවාදී පදනමකින් දේශපාලනය කළ බවට ලක්‍ෂමන් කිරිඇල්ල මහතා චෝදනා කරයි.
රවුෆ් හකීම් මහතා හලීම් හා වේලුකුමාර් යන සුළු ජාතික අපේක්ෂකයන් දෙදෙනා ද එකතු කරගෙන එකට මැතිවරණ ව්‍යාපාරයේ නියැලුණු බව කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් සමඟි ජන බලවේගයට හිමි වූ මන්ත්‍රී ධූර 4න් මුල ස්ථාන තුනම ඔවුන් තිදෙනාට හිමි වූ බව ද කිරිඇල්ල මහතා සඳහන් කරයි.
2019 ජනාධිපතිවරණය හා සැසදීමේදී සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු ජන්ද සංඛ්‍යාවෙන් ජන්ද එක් ලක්ෂ අසූ හත් දහසක් මෙවර මහ මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කොට නොතිබුන බවද පෙන්වා දෙන කිරිඇල්ල මහතා ඉන් අති බහුතරය සිංහල ජන්ද බවද පෙන්වා දෙයි.
2019 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණට වැඩි වී ඇත්තේ ජන්ද 5000ක පමණ ප්‍රමාණයක් බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි.
ලක්ෂමන් කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කලේ ඒෂියන් මිරර් සමඟ සංවාදයකට එක්වෙමිනි.
පුරප්පාඩුව තිබෙන එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ ජේෂ්ඨයෙකු වූ ජෝන් අමරතුංග මහතාට ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එජාප ජාතික ලයිස්තුවේ මුලින්ම තිබෙන්නේ ජෝන් අමරතුංග මහතාගේ නමය.
මහ මැතිවරණය අවසන් වී මාස එක හමාරකට වැඩි කාලයක් ගතව ඇති මුත් තවමත් එජාපය සිය ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා පත් කර නොමැත.
පුරප්පාඩුව තිබෙන මෙම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මහ මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයින් 05 දෙනෙකු පමණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පුද්ගලිකවම ඉල්ලීම් කර තිබෙන බව නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද තහවුරු කොට තිබේ.
එහෙත් ඒ ඉල්ලීම් නොසලකා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ප්‍රමුඛතාවයට ඉඩ දීමට වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබේ.
එක්සත් ජාතික පක්ෂයට නව නියෝජ්‍ය නායකවරයෙකු පත්කර ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දය පැවැත්වීමට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ලක්ෂ්මන් විජේමාන්න මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධියේම දැඩි දෝෂාරෝපණයක් සිදු කොට තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය විනාශ කළේ තමුන් යයි පවසමින් විජේමාන්න මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ මූණටම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ඉදිරිපිටදීම දොස් පවරා තිබේ.
එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැනගන්නට තිබේ.
මෙම සිදුවීම පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ද තහවුරු කර තිබෙන අතර පක්ෂයේ පසුබෑමට වික්‍රමසිංහ මහතා පමණක් නොව තමන් ඇතුළු අන් සියල්ලන්ගේම වගකිම බව විජේවර්ධන මහතාගේ ස්ථාවරය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් හා සමාගම් ප්‍රධානීන්ට දුරකතනයෙන් කතා කොට තමා හමුවන ලෙස දැනුම් දී එසේ පැමිණෙන ඔවුන්ට යම් යම් ඉල්ලීම් කරමින් බලපෑම් කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට නම් තමාගේ ඉල්ලීම් ලබා දෙන ලෙසද ඔහු ව්‍යාපාරිකයන්ට දැනුම් දී තිබෙන බවද දැනගන්නට තිබේ.
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය හමුවේ පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයන් පිළිබඳව මේ වන විට ජනාධිපතිවරයා ද දැනුවත්ව තිබෙන බව වාර්තා වන අතර ඉතා නුදුරේදීම සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම වැඩපිළිවෙලට තිත තැබීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
බන්ධනාගාරගතව සිටින TMVP නායක සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ළඟදීම ඇප නියම වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝසප් පරරජාසිංගම් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට පිල්ලෙයාන් වසර 05ක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටියි.
ඒ ඔහුට නඩු පවරා ඇත්තේ ඇප ලබා දිය නොහැකි ත්‍රස්තවාදයට අදාළ නීති රීති යටතේ නිසාය.
මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පිල්ලෙයාන්ගේ සහය වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවට හිමි ව තිබේ.
පිල්ලෙයාන් නැගෙනහිර මහ ඇමති වරයා ලෙස කටයුතු කළේද එවකට පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එජනිස ආණ්ඩුවේ සහයෝගය හා ආශිර්වාදය මතය.
මෑත භාගයේ එජාපයේ සිටි සෑම නියෝජ්‍ය නායකයෙක්ම පක්ෂයෙන් පැන ගිය බැවින් නියෝජ්‍ය නායකකම භයානක තනතුරක් බව හිටපු අමාත්‍යවරයෙකු වූ වජිර අබේවර්ධන මහතා අනාවරණය කරයි.
ඒ කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස යන හිටපු නියෝජ්‍ය නායකවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව මතක් කර දෙමිනි.
කරු ජයසුරිය මහතා 2007 වර්ෂයේදී එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ අවස්ථාවේ පක්ෂයේ 17 දෙනෙකු සමඟින් මහින්ද රාජපක්ෂ රජයට සහයෝගය දීමට එහි ගොස් කැබිනට් අමාත්‍ය ධුරයක් ද දැරීය.
ඉන්පසු සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරද්දී පක්ෂයෙන් විශාල පිරිසක් කඩාගෙන ගොස් පසුගිය මහමැතිවරණයේදී වෙනම ඉදිරිපත් වී මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් වී සිටියි.
රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් කොංග්‍රසයේ සහ රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුවට යෑමට අවශ්‍ය නම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු බව සමගි ජන බලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.
තම නම හෙළි නොකිරීමේ පදනම මත අදහස් දැක් වූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හකීම් සහ බදියුදීන් මහත්වරුන්ගේ පක්ෂවල පිරිස් මුදල් ගෙවා හෝ ආණ්ඩුවට යැවීම සමගි ජනබලවේගයට ඉතාමත් වාසිදායක පසුබිමක් ඇති කරන බවය.
ආණ්ඩුව පක්ෂයට එක්වීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති අතර දැනගන්නට තිබේ.
රිෂාඩ් බදියුදීන් මහතා හැර ඔහුගේ පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වීමට කැමැත්තෙන් සිටියි.
රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් මුස්ලිම් අන්තවාදය රට තුළ පෝෂණය කිරීමට සහයෝගය දැක් වූ අයට බවට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණය සහ මැතිවරණ වේදිකාව තුළ නිරන්තරයෙන් ප්‍රකාශ කළ කරුණකි.
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම පනත් කෙටුම්පත පිලිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන්නේ ඉන් අගමැති ධුරයේ බලතල කප්පාදු වී එම ධුරයෙන් නාමික තනතුරක් බවට පත් වීම නිසා බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම විමල් විරවංශ අමාත්‍යවරයා 20 වන සංශෝධනයේ ඇති ඇතැම් කරුණු වලට එකඟ විය නොහැකි බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුව පත් කළේ එම හේතුව නිසා බව ද වාර්තා වේ.
අග්‍රාමාත්‍ය වරයා පත් කළ මහාචාර්ය ජී.එල්.පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි ඇතුලත් කරුණු ද 20 වන සංශෝධනය නීතිගත කිරීමේ දී සැලකිල්ලට ගත යුතු බවට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අගමැතිට බලතල රැසක් ලබා දී තිබේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එම බලතල කප්පාදු කිරීම සඳහා 19 වන ව්‍යවස්ථාව අහෝසි කොට යලි 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සක්‍රිය කිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද පෙන්වා දී තිබේ.
යහපාලනය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටියක් පිළිබඳ තොරතුරු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පළමුවරට අනාවරණය වී තිබේ.
ඒ දේශපාලන නියෝජිතයකු එම කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදීය.
ඊයේ රාත‍්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ, මොහොමඞ් මුස්තෆා අබ්දුල් රහුමාන් නමැත්තායි.
ඔහු 2015 දී යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැඟුණු ” යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ ” සංවිධානයෙන් 2015 වසරේදී මහමැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයකු වේ.
මෙහිදී යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක මොහොමඞ් මුස්තෆා අබ්දුල් රහුමාන් සමඟ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් යන අය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව දියත් කළ සහරාන් හෂීම් සමග සාකච්ඡාවක නිරතවන වීඩියෝ පටයක් කොමිසම හමුවේ මෙහිදී දර්ශනය කර තිබේ.
මෙම වීඩියෝ පටයෙහි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහුමාන් මෙලෙස රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ පාස්කු ප‍්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු ෂෙයින් මොහොමඞ් යන අයයි.
මෙම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් දර්ශනය කර ඇති අතර ඔවුන් අතර මෙම සාකච්ඡාව දෙමළ බසින් සිදු වේ.
මෙම සාකච්ඡාවට අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියන එකක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හෂීම් සහ සිබ්ලි ෆාරුක් සංවාදයක යෙදෙන අයුරු දැක්වේ.
අදාළ මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හිරා පදනම මඟින් ලැබෙන ඒවාද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරන ආකාරයක් එම වීඩියෝවේ වැඩිදුරටත් දැක්වේ. මෙහිදී සහරාන් හෂීම් ප‍්‍රකාශ කරන්නේ අරාබියෙන් එලෙස මුදල් හිස්බුල්ලාගේ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව ගැටලූවක් නොමැති බවයි.
මෙහිදී මෙම හමුව සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළේ ”ඇයි ඔබ සහ සිබ්ලි ෆාරුක් සහරාන් හෂීම්ව හමුවුණේ? යනුවෙනි.
යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ අපේක්ෂක අබ්දුල් රහුමාන් එහිදී සාක්ෂි දෙමින් කියා සිටියේ ”මේ සාකච්ඡාව පැවැත්වුණේ සහරාන්ගේ කාර්යාලයේයි. මෙය දේශපාලන සාකච්ඡාවක්. 2015 මහමැතිවරණයට සතියකට පමණ ඉහතදී තමයි මෙම සාකච්ඡාව සිදුවුණේ" - යනුවෙනි.
ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා ලෙස දිගු කලක් කටයුතු කළ ඩිව් ගුණසේකර මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙන්නේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබා දීමේදී අසාධාරණයට ලක් වූ තම පක්ෂයේ ඒ.වීරසිංහ මහතාට සාධාරණයක් ඉටු කිරීමට බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කොමියුනිස්ට් පක්ෂය පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිය අපේක්ෂකයා ලෙස නම් කර තිබුණේ ඒ.වීරසිංහ මහතා වන අතර මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් පත්කිරීමේ දී ඔහුගේ නම ඊට ඇතුළත්ව නොතිබිණි.
මේ නිසා ඒ.වීරසිංහ මහතාට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකිරීම සදහා පක්ෂයේ ලේකම් දූරය ඔහුට ලබාදීමට තමා පක්ෂ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන බව ඩියු ගුණසේකර මහතා සඳහන් කොට ඇති බවද වාර්තා වේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) පිළිතුරු දී තිබේ.
රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී විපක්ෂ චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බව පැවසීය.
“සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම” බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මුල්කොට ගෙන විපක්ෂය නඟන චෝදනා ගැන අවධානය යොමු කළ ජනාධිපති රාජපක්ෂ මහතා තමා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකළ බව අවධාරණය කළේය.
“බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත්කළේ ව්‍යවස්ථා සභාව. එහි සිටියේ කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි. අනෙක නරකයි” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
අභියාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේ ද, එකී ව්‍යවස්ථා සභාවම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විපක්ෂය අසත්යප්රචාරයක නිරතව සිටින බව වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය නායකත්ව මණ්ඩල සාමාජික පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයේ වැඩ කටයුතු වලින් ඉවත්ව සිටින බව දැනගන්නට තිබේ.
ඒ තනතුරු ප්‍රශ්නයක් මුල් කොටගෙන බව වාර්තා වේ.
සමගි ජන බලවේගය පිහිටුවීමෙන් පසු එහි ජාතික සංවිධායක ධුරය චම්පික රණවක මහතා බලාපොරොත්තු විය. එහෙත් එම තනතුර තිස්ස අත්තනායක මහතාට ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරන ලදී.
ඉන්පසු චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය බලාපොරොත්තුවෙන් සිටි බව වාර්තා වේ. එහෙත් එම ධූරය යහපාලන ආණ්ඩුවේ හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදීමට සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගන්නා ලදී.
මෙම තනතුරු ප‍්‍රශ්න මුල් කොටගෙන පාඨලී චම්පික රණවක මහතා මේ වන විට සමගි ජන බලවේගයේ වැඩකටයුතුවලට සහභාගි වන්නේ ඉදහිට වන අතර එහි නායකත්ව මණ්ඩල රැස්වීම් රැසකටම සහභාගි වී නොමැති බවද දැනගන්නට තිබේ.
තවත් අමාත්‍යධූර 10 ක් ලබා දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව කැබිනට් අමාත්‍ය ධූර 5ක් සහ පළමුවරට නියෝජ්‍ය අමාත්‍ය ධූර 5ක් වශයෙන් මෙම අමාත්‍ය ධූර බෙදී යනු ඇති බව වාර්තා වේ.
තනතුරු නොමැතිව සිටින ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට සහ ශ්‍රීලනිපයේ කිහිප දෙනෙකුට මෙම අමාත්‍ය ධූර හිමිවීමේ ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.