May 02, 2024

ඩිව්.ගුණසේකර ඉල්ලා අස් වී තිබෙන්නේ ජාතික ලැයිස්තු ප්‍රශ්නයක් මුල් කරගෙන Featured

September 12, 2020

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා ලෙස දිගු කලක් කටයුතු කළ ඩිව් ගුණසේකර මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙන්නේ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබා දීමේදී  අසාධාරණයට ලක් වූ තම පක්ෂයේ ඒ.වීරසිංහ මහතාට සාධාරණයක් ඉටු කිරීමට බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කොමියුනිස්ට් පක්ෂය පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිය අපේක්ෂකයා ලෙස නම් කර තිබුණේ ඒ.වීරසිංහ මහතා  වන අතර මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් පත්කිරීමේ දී ඔහුගේ නම ඊට ඇතුළත්ව නොතිබිණි. 

මේ නිසා ඒ.වීරසිංහ මහතාට සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉටුකිරීම සදහා පක්ෂයේ ලේකම් දූරය ඔහුට ලබාදීමට තමා පක්ෂ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන බව ඩියු ගුණසේකර මහතා සඳහන් කොට ඇති බවද වාර්තා වේ.

Last modified on Saturday, 12 September 2020 11:43