May 04, 2024

චම්පික රණවක සමගි පෙරමුණේ වැඩ කටයුතු මඟ හරියි - හේතුව තනතුරු ප්‍රශ්නයක් Featured

September 10, 2020

සමගි ජන බලවේගය නායකත්ව මණ්ඩල සාමාජික පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයේ වැඩ කටයුතු වලින් ඉවත්ව සිටින බව දැනගන්නට තිබේ.

ඒ තනතුරු ප්‍රශ්නයක් මුල් කොටගෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේගය පිහිටුවීමෙන් පසු එහි ජාතික සංවිධායක ධුරය චම්පික රණවක මහතා බලාපොරොත්තු විය. එහෙත් එම තනතුර තිස්ස අත්තනායක මහතාට ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරන ලදී.

ඉන්පසු චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය බලාපොරොත්තුවෙන් සිටි බව වාර්තා වේ. එහෙත් එම ධූරය යහපාලන ආණ්ඩුවේ හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදීමට සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගන්නා ලදී.

මෙම තනතුරු ප්‍රශ්න මුල් කොටගෙන පාඨලී චම්පික රණවක මහතා මේ වන විට සමගි ජන බලවේගයේ වැඩකටයුතුවලට සහභාගි වන්නේ ඉදහිට වන අතර එහි නායකත්ව මණ්ඩල රැස්වීම් රැසකටම සහභාගි වී නොමැති බවද දැනගන්නට තිබේ.

Last modified on Thursday, 10 September 2020 10:00