බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යායේ විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව අද දහවල් කාලය ඇතුළත මෙම දෙදෙනා ධුරයන්ගෙන් ඉල්ලා අස්වනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.
කෙසේවෙතත් අද දිනයේ දෙදෙනාම ඉල්ලා අස් වනු ඇති බවත් පැවසූ ඔහු ඔවුන් ඉල්ලා අස්වීමට කටයුතු නොකළහොත් ජනාධිපතිවරයා විසින් ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවද කියා සිටියේය.