May 03, 2024

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

පසුගිය ජනවාරි 22 වැනිදා පැවති 2021 - පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටියා.

එමෙන්ම මෙවර කිසිදු අයුරකින් ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් හෝ දිවයිනෙන් තරාතිරම නොබලන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍යය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කෙරෙනු ඇති.

එමෙන්ම අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ක්ෂණික දූරකථන ඇමතුම් අංකයක් ලෙස 1911  හඳුන්වා දී තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 13 March 2022 21:52