May 10, 2024

කොවිඩ් මරණ 10ක් - ආසාදිතයින් 500 පනී

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළා.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,331 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 7 දෙනෙකු සහ අවුරුදු 20 ත් 59 ත් අතර 3 දෙනෙකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම පිරිමි අය 7 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වෙනවා.

එමෙන්ම අද (06) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 508ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 650,140ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 March 2022 21:16