මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ(14) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධිභාර බද්ද පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් අයත් නොවන බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත්තේ.
ඒ අනුව විශාල සමාගම් මත පැනවීමට නියමිත 25%ක අධිභාර බද්දෙන් සේවක අර්ථසාධක අරමුදල-සේවක භාරකාර අරමුදල ඇතුලු අරමුදල් 11ක් ඉවත් කර තිබෙනවා.
රුපියල් මිලියන දෙදහසකට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
පසුගිය දින කිහිපය පුරාම විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ මෙම යෝජනාවට එරෙහිව විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබුණා.