May 14, 2024

නීතිපති දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලීමක් කරයි

අතිරේක සොලිසිටර් ජනරාල්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සහ රජයේ නීතීඥයින් සංඛ්‍යාව ඉහළ නංවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය හරහා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේවන විට නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු ප්‍රමාණය වේගයෙන් ඉහළ යාම සහ රටේ අධිකරණ ඇතුළු විවිධ දේශීය හා ජාත්‍යන්තර තලයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නියෝජනය සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සපුරාලීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)