May 14, 2024

හරින්ගේ අභියෝගය පොලිස් ඇමති ප්‍රතික්ෂේප කරයි: හරීන් පොලිසිය සමග විවාදයක් ඉල්ලයි

තමන් සමග පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස හරිම ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුහුණටම කළ අභියෝගය මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා ප්‍රතික්ෂේප කළා.

ඒක දේශපාලන වැඩක් නෙවෙයි

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුත්ත දේශපාලන කාර්යයක් නොව පොලිසියේ කාර්යයක් බැවින් එම විවාදය පොලිසිය සමග පවත්වන ලෙස හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දන්වමින්.

ඊට ප්‍රති පිළිතුරු දෙමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සරත් වීරසේකර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ එසේ නම් එම පොලිසියේ පිරිස තමන් සමග විවාදයකට සූදානම් කරන ලෙස දන්වා සිටියා.

අභියෝගයට ප්‍රතිචාර නැහැ

එහෙත් ඊට සරත් වීරසේකර මහතාගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම අභියෝගය එල්ල කිරීමට පෙර පියුම් හංසමාලි මුල් කොටගෙන තවත් අභියෝගයක් සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සරත් වීරසේකර අමාත්‍යවරයාට ම එල්ල කිරීමත් දක්නට ලැබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 12:38

Related items