May 03, 2024

ලංකාවේ පොල්තෙල් ගැන අනාවරණයක්! ඉදිරියේ දී වෙන්න යන දේ Featured

පිටරටින් පොල්තෙල් ගෙන්වීම නතර කොට පොල්තෙල් සඳහා වන බදු අඩු කිරීමට කටයුතු කරන බවට පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා.

ඔහු පවසා සිටින්නේ මෙරට තුළ පොල්තෙල් මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. 

මෙරට සිටින පොල්තෙල් නිෂ්පාදකයින් හට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා පසුගිය 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබුණත් මෙතෙක් එයට අනුමැතිය හිමි නොවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

මෙම අමුද්‍රව්‍ය ගැටලුව නිසා මෙරට ක්‍රියාත්මක වූ දේශීය පොල්තෙල් කර්මාන්තය සම්පුර්ණයෙන් කඩා වැටීමකට ලක්වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

ඉදිරියේ දී පොල්තෙල් මිල ඉහළ යෑමක්ද සිදුවිය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කළා.

Rate this item
(1 Vote)