May 02, 2024

කෑමට ගන්නා පොල්තෙල් ගැන ගැසට් නිවේදනයක්! වෙළදුන්ට නියෝගයක් Featured

ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය මෙම තහනම පනවමින් අංක 2226/59 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේය.

ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව බෝතල් කළ, ඇසුරුම් කළ, බහලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණන ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වල වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙයි.

පොල් තෙල් ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙදුන් වෙත මෙම නියෝගය බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ඇෆ්ලටොක්සීන් නමැති විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් අද දිනයේ මැලේසියාව බලා ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 May 2021 10:52