May 04, 2024

දැරිවියට කළ අතවර ගැන රිෂාඩ් ගැනත් සැක - ප්‍රශ්න කරන්න සූදානම්

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ සේවය කළ අවාසනාවන්ත ලෙස මරණයට පත් බාලවයස්කාර දැරිවිය ඉශාලිනී ජූඩ් කුමාර් සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතාගෙනුත් ප්‍රශ්න කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා.

මියගිය බාල වයස් වයස්කාර දැරිවිය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේදී ලිංගික අපයෝජනයන්ට මෙන්ම අඩත්තේට්ටම් වලටද ලක්ව තිබෙන බව තහවුරු වී තිබෙනවා.

රිෂාඩ් ගැනත් සැක

රිෂාඩ් බදුදීන් මහතා පසුගිය අප්‍රේල් මාසයේ සිට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ විම ඉශාලිනී ජූඩ් කුමාර්ර්ෂන දෙපාර්තමේන්තුවේ දින 90 ක රැඳවුම් මත රඳවාගෙන සිටීම නිසා මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ ඔහු නිවසේ සිට නැහැ.

එහෙත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ ඔහු නිවසේ සිටි කාලයේදී දැරිවියට ඔහුගෙන්ද අඩත්තේට්ටම් සිදුව තිබෙන බවට සැක කරන බැවින්.

රිෂාඩ් මාස පහක් ගෙදර ඉදලා

රිෂාඩ් බදුදීන් මහතා අත් අඩංගුවට ගැනීමට පෙර මාස පහක පමණ කාලයක් දැරිය නිවසේ මෙහෙකාර සේවයට පැමිණීමෙන් පසු එම නිවසේ සිටි තිබෙනවා.

මෙම දැරිවිය පමණක් නොව තවත් බාලවයස්කාර දැරිවියන් 10 දෙනෙකු රිෂාඩ් බදුදීන් මහතාට සම්බන්ධ නිවෙස් වල මෙහෙකාර සේවය සඳහා යොදවාගෙන ඇති බවයි මේ වන විට පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ.

ඒ අතරින් එක් දැරිවියක් රිෂාඩ් බදුදීන් මහතාගේ මස්සිනා විසින් දූෂණය කොට ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

ප්‍රශ්න රැසකට විසඳුම් සෙවීම

මෙම බාල වයස්කාර දැරියගේ මරණය සමග ඇයව ලිංගික අතවරයට ලක් කලේ කවුරුන්ද , පහර දෙමින් අඩත්තේට්ටම් කලේ කවුරුන්ද , ඇය ගිනි තබා ගත්තද , නැතිනම් කිසිවකු විසින් ගිනි තැබුවාද යන කාරණා සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් පරීක්ෂණ පැවැත්වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 July 2021 13:14