April 29, 2024

කරන්න දෙයක් නැහැ මමත් ඔය කට්ට කෑවා: ජොනී රිෂාඩ්ගේ මුහුණටම කියයි

මේ සතියේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී රිෂාඩ් බදුදීන් මහතා සිරගතව තැබීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙන බව දැනගන්නට තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට පක්ෂ නායකයෙකු ලෙස බදියුදීන් මහතාද සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

රිෂාඩ්ගේ අඳෝනාව

එහිදී බදුදීන් මහතා තමාට බන්ධනාගාරය තුළ විඳීමට හා මුහුණ දීමට සිදුව තිබෙන කරදර සම්බන්ධයෙන් එකින් එක තොරතුරු ඉදිරිපත් කළ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එහිදී ආණ්ඩුව වෙනුවෙන් ඊට පිළිතුරු දී තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයායි.

තමාත් හිරේ හිටි බවත් එහිදී බදුදීන් මහතා කියන සියලුම ප්‍රශ්න වලට තමාද මුහුණ දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.

අමාත්‍යවරයා එම සඳහන කර තිබෙන්නේ බදුදීන් මහතාද අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ යහපාලන ආණ්ඩුව තමාව සිරගත කළ ආකාරය මතක් කර දෙමින්.

සහනයක් ලබා ගැනීම

එම සාකච්ඡාවට එක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්මන් කිරිඇල්ල මහතා සඳහන් කර තිබෙන්නේ බදුදීන් මහතාට යම් සහනයක් ලබා දිය යුතු බවයි.

ඒ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ගත යුතු බවත් ඔහු යෝජනා කර තිබෙනවා.

එහිදී බදුදීන් මහතා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඇතුලත් වාර්තාවක් කතානායකවරයා කියවා ඇති අතර එහි පිටපතක් කිරිඇල්ල මහතා ඉල්ලා තිබෙනවා

එහෙත් එය නායකවරයා ප්‍රතික්ෂේප කලා.

දෙමළ පක්ෂ වල සහය

එහිදී බදුදීන් මහතා වෙනුවෙන් දෙමළ පක්ෂ නියෝජනය කරන එම් . සුමන්දිරන් මහතා සහ ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් යන මහත්වරුන්ද කරුණු දක්වමින් සඳහන් කර තිබෙන්නේ කතානායකවරයා කියවූ වාර්තාවෙන් සාක්ෂි හා චෝදනා කිසිවක් නැති බවයි.

එනිසා ඔහුට සහනයක් දිය යුතු බව එම දෙපළද යෝජනා කොට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 October 2021 17:07

Related items