May 04, 2024

රිෂාඩ්ගේ නිවස කන්‍යාවියන්ගේ ස්වර්ගයක්ද? බාල වයස්කාරියන් 11ක්ම සේවයේ

රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ වරින් වර බාල වයස්කාරියන 11 දෙනෙකු සේවයේ යොදවා ඇති බව පොලිස් හා ළමා කාර්‍යංශ පරීක්ෂණ වලින් හෙළිදරව් වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සියලු දෙනාම ලිංගික අතවර වලට ලක් වී ඇති බවට සැක කෙරෙනවා.

මේ නිසා ඒ සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ සිදුවෙමිනුයි පවතින්නේ.

අල ගිය මුල ගිය තැන් ඔක්කොම එලියට

එම බාල වයස්කාරියන් සියල්ලන්ම මෙහෙකාර සේවයේ යොදවා ඇති අතර එම දැරිවියන්ද රිෂාඩ් බදුදීන් මහතාගේ පවුලේ අයගේ  විවිධ අඩන්තේට්ටම් වලට ලක්ව තිබෙන බව මේ වන විටත් තහවුරු වී තිබෙනවා.

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි ඉශාලිනී ජූඩ් කුමාර් බාල වයස්කාර දැරිවිය මියයාම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී එම දැරිවිය පමණක් නොව ඊට පෙර මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක්ද රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේදී ලිංගික අපහරණයට යොදාගෙන තිබෙන බව මේ වන විට සනාථ වී තිබෙනවා.

මේ වන විට 22 දෙවැනි වියේ පසුවෙන එම තරුණිය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ සේවයට ගොස් තිබෙන්නේ 2015 වසරේ වසර 16 සම්පූර්ණ වීමට පෙර බවයි පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන්නේ.

බදුදීන් පවුලටම චෝදනා

එම තරුණිය අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මහතාගේ මස්සිනා වන 44 හැවිරිදි පුද්ගලයකු මේ වන විට අත්අඩංගුවේ පසු වෙනවා.

දැරිවිය මියයාම සම්බන්ධයෙන් සැකපිට රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ ශෙයාබ්දීන් අයේෂා, මාමණ්ඩිය මොහොමඩ් ශෙයාබ්දීන් සහ දැරිවිය මෙහෙකාර සේවයට ගෙන ආ පුද්ගලයා වන පොන්නයියා නැමැත්තාද මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණයේ අවසරය මත පොලිස් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරමින් සිටින්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 18:27