May 04, 2024

රිෂාඩ්ගේ ගෙදර පිලේ ඔක්කොම දැන් අත්අඩංගුවේ

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි ඉශාලිනී ජූඩ් කුමාර් බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිස අතර තැරැව්කරුත්

රිෂාඩ් බදුර්දීන්ගේ මහතාගේ බිරිඳ වන 46 හැවිරිදි ශෙයාබ්දීන් අයේෂා , ඇගේ පියා වන 70 හැවිරිදි මොහොමඩ් ශෙයාබ්දීන් සහ බාලවයස්කාර දැරිවිය මෙහෙකාර සේවය සඳහා රැගෙන ආ පොන්නයියා නැමැති තැරැව්කරු එසේ අත්අඩංගුවට ගත් පිරිස් අතර සිටිනවා.

මෙම පිරිස අද (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී තවත් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලීමට පොලිසිය බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

අංශ රැසකින් පරීක්ෂණ

බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ බොරැල්ල පොලිසිය , ළමා හා කාන්තා කාරයංශය සහ දකුණු කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින්.

බාලවයස්කාර දැරිවිය ඉකුත් 3 දින පිළිස්සීම් සමග රෝහල් ගත කළ අතර ඉකුත් 15 වැනි දින මිය ගියා.

රිෂාඩ් බදුදීන් මහතාද මේ වන විට පසුවන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 10:24